Profile photo of iilanka

by

නැරඹුවාද රත්මලාන පහන් කූඩුව?

July 15, 2013 in Sri Lanka

කටුබැද්ද, අඟුලාන මංසන්ධියේ ලංගම රියදුරු පාසල් භූමියේ බුදු තෙමඟුල වෙනුවෙන් අපූර්ව නිර්මාණයක් ඉදිව තිබුනි. ලංකාවේ සිව්දෙසින්, නරඹන්නන් ලක්‍ෂ ගණනින් පැමිණෙන සහ එසේ පැමිණෙන්නන්ගේ සිත් බුද්ධාලම්බන ප‍්‍රීතියෙන් පුරවාලන එම නිර්මාණය බොහෝ දෙනෙකු හැදින්වූයේ ‘‘රත්මලානේ යෝධ පහන් කූඩුව’’ නමිනි. එහි නිර්මාතෘවරයා කලාභූෂණ සම්මානලාභී ගුණසේන කුරුකුළසූරිය මහතාය. 42 වැනි වරටත් ඉදිකරනු ලබන මෙම දර්ශණීය යෝධ පහන් කූඩුව ඉදිකිරීමට ඔහුට නිබඳ සහාය වන තවත් 20 ක පමණ ගෝල පරපුරක් ඔහු සමඟ සිටී.

සෑම වර්ෂයකම මෙම දැවැන්ත නිර්මාණය දැක බලා ගන්නට කොළඹ, නුවර, ගාල්ල, මාතර, බදුල්ල, බණ්ඩාරවෙල, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව ආදී රටේ හතර දික්භාගයෙන්ම සැදැහැවත් බෞද්ධයන් පැමිණෙනවා. කුරුකුළසූරිය මහතා පුරා වසර 42ක් මේ රටේ සැදැහැවත් බෞද්ධයන් පින වූ නිර්මාණයක් තමයි මේ යෝධ පහන් කූඩුව. ‘‘මේ කූඩුව රත්මලානේ පටන් අරන්, බොරැුල්ල කැම්බල් පිටිය, රත්නපුර රෝහල් භූමිය, සීදුව හා බෙල්ලන්විල ආදී ප‍්‍රදේශ වල ඉදිකළා. මුල් කාලයේ කූඩුව ආවරණය කර ඇති ආවරණ සැකිල්ලට අවශ්‍ය යකඩ මට ලබා දුන්නේ මර්වින් ජේ.කුරේ කියන දේශපාලනඥයා. ඔහු නැරඹූ එම කූඩුවේ ආවරණ සැකිල්ල එදා ඉදිකර තිබුණේ උණ කණුවලින්. ඉන් පස්සෙ සීදුවේ මේ කූඩුව ඉදිකරද්දී නැසීගිය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා විශාල සහයෝගයක් දුන්නා. ඔහු බෞද්ධයෙකු නොවුනත්, අද වන විට අප අතරින් වියෝ නොවුණා නම් මගේ මේ කූඩුව හැමදාමත් සීදුවෙන් මෙපිටට ගෙන ඒන්නට මට නොහැකි වන තරමට ඔහු මේ කූඩුවට වශී වී සිටියා.’’ කුරුකුළසූරිය මහතා වරක් පුවත්පතකට එසේ පවසා තිබුනා.

මේ නිර්මාණයෙන් ලැබෙන ආදායමින් බහුතරයක් සමාජයේ අබාධිත, අසරණ පාර්ශවයන් නඩත්තු කරන්නට යෙදවීම ඉතාම පැසසිය යුතුය. දින 10 පමණ කාලයක් පුරා පැවැත්වෙන මෙම කූඩු රාජයා නරඹන බොහෝ දෙනෙකුගේ මුවින් පිටවන ප‍්‍රසංශාත්මක වදන්වල ශක්තියෙන් ඔහු ‘70 දශකයේ සිට මේ දක්වා කිසිඳු ලෙඩ රෝගයකට ගොදුරුනොවී කිසිදු ඖෂධ පෙත්තක් පානය නොකරන්නට තරම් නිරෝගී හා ශක්තිමත් බව ඔහු ජීවිතයේ ලැබූ සොදුරු භාග්‍යයකි.

___________

පුවත්පත් ඇසුරෙන්

Comments are closed.