Profile photo of iilanka

by

මුළුතැන්ගෙයි පෙරළිකාරයා….

May 27, 2013 in Sri Lanka

වර්ෂ 1936 අපේ‍්‍රල් මාසෙ 24 වැනිදා රත්ගම, ගම්මැද්දෙගොඩ ගම්මානයේ අප්පු සිංඥො මහතාට සහ කුමාරසිංහ පොඩිහාමි මහත්මියට දාව මෙලොව එළිය දුටු කළුපාට කොළුගැටයා ගැහැනුන්ට උරුම මුළුතැන්ගෙයින් ලොවම මවිත කරන්නට සමත් වේ යැයි දෙමාල්ලන්නම් කිසිදා නොසිතන්නට ඇත. කුඩා වියේ විඳි කටුක අත්දැකීම්නම් මේ කොළුවාට අපමණ විය. අඩුම තරමේ නිසි අධ්‍යාපනයක්වත් ලබන්නට ඔහුට නොහැකි වන්නේ එතරමටම අගහිඟකම් ඔවුනට තිබූ බැවිනි. නමුත් වගකීමෙන්ද බොහෝ දුරස් වූ මේ දරුවා 20 වැනි වියේදී මනමාළියක්ද කැන්දාගෙන එන්නේ හරිහමන් රැකියාවක්ද ‍නැතිවමය.

සිය බිරිඳගේ සොයුරකු එවකට ගල්කිස්ස මහ හෝටලයේ සේවය කළ නිසාවෙන් 1956 වර්ෂයේදී ළිපට අඟුරු අදින කම්කරුවෙක් වශයෙන් ඔහුට එම හෝටලයේ රැකියාව ලැබෙනවා. එතැනින් ඇරඹී මුළුතැන්ගෙයි විප්ලවය අද වන විට ඔහුව ගල්කිස්ස මහ හෝටලයේ අධ්‍යක්ෂක වරයෙක් දක්වා ගෙනගොස් තිබෙනවා. ජෝන් මාමා නම් එවකට සිටි සූපවේදියා පිසූ අරලියා දළු වැංජනය රස විඳ උයමන පර්යේෂණයක් කරගත් ඔහු අන් කවරෙකුත් නොව අප කවුරුත් හොඳින් දන්නා පබිලිස් සිල්වා මහතාය.

ඔහුගේ ආහාර පිළිබඳ සෙවුම් වලින් අද වන විට ආහාරයට ගත හැකි එළවළු වර්ග 365ට වඩා ද මෙරටින්ම හමුවන පළතුරු වර්ග 76ක් පමණද අපට උරුම වී ඇත. තවද කෘත‍්‍රිම නොවන අපේ රසකාරක 42ක් ද මේ හිමිකම් ලැයිස්තුවට ඇතුලත්ව ඇත. මවුබිමෙන් ඔබ්බටද ගොස් රටවල් 27ක දී ලාංකේය ආහාර පිස, විදේශිකයන් රසවත් කොට ඔවුනතර ලංකාවේ නාමය රැන්දූ මේ මහා කළු සිංහලයාට අපගේ උත්තමාචාර නිති පිදිය යුතු නොවේද…

තොරතුරු පුවත්පත් ඇසුරෙනි

Comments are closed.