දිනිතිගෙන් හීන කුමාරියක්…………………
January 2, 2012 in Sinhala, Sinhalen
මෑත යුගයේ සයිබර් අවකාශයේ බිහිවූ සිංහල ලේඛකයින් අතුරෙන් මුලින්ම සිය නිර්මාණ ඇතුලත් කර ගීත ඇල්බමයක් නිර්මාණය කළ එක්
සුවිශේෂී කිවිඳියක් අද අපගේ කතාබහට එක්වනවා. ඇය නමින් දිනිති දීපිකා.
දිනිති, ඔබ ලේඛිකාවක් ලෙසින් හඳුන්වා දුන්නොත්? මම නිවැරදිද?
ලේඛිකාවක්ම වෙලා නැහැ ..ඒත් ලියනවා…මාත් හිතනවා.
ඔබ වෘතියෙන්?
හෙදියක්, පුද්ගලික අංශයෙ
ඔබ වෘත්තියට පිවිසෙන්නටත් ලෙර සිටම ලියනවාද?
ඔව්… දන්න දා ඉදන් ලියනවා.
ලේඛණයට අත් පොත් තබන්නේ කෙලෙසද? මොන යුගයේද?
ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම මම ලේඛණයට යොමුවෙලා හිටියේ…වැඩියෙන්ම ලියන්න ගත්තෙ විදේශගත වුනාට පසුවයි.
ඔබගේ වීර වරයන් සහ වීර වරියන් කවුරුන්ද?
මගේ එකම වීර විරයා සහ වරිය මගේ අම්මා…
ලේඛණයේ ඔබගේ ගුරුවරයා කවුද?
මගේ අයියා ලියන දේවල් හැමදාම දැකලා දැකලා තනියමම ලියන්න පුරුදු වුනේ.
ගීත ඇල්බමයක් කිරීමට හේතුව?
කාලයක් තිස්සෙ මගෙ හීනයක් තිබුණා. මම ලියන දේවල් වලින් ළග තියාගෙන විඳින්න දෙයක් දෙන්න ඕනි කියලා. හහ හිතන්නෙ හීන කුමාරී බිහිවුනේ
මගේ මේ හීනය නිසයි.
ඔබ ගීත රචනා කිරීම අරඹන්නේ මොන කාලයේද?
විදෙස් ගත වුනාට පසුව අපි හුඟක් හුදකලා වෙනවා. මම හිතන්නේ මේ හුදකලාව මාව ගීත නිර්මාණයට යොමු කරා.
ඒ කියන්නේ මේ සියළු ගීත මව්බිමෙන් බොහෝ දුර සිට ලියූ ඒවාද?
ඔව්. ඇත්තෙන්ම මගේ මව්බිමෙන් බොහෝ දුර ඈතක සිට ලියූ ඒවා.
ඇල්බමය කරන්නට උදව් ලැබුනේ කාගෙන්ද?
නම් ගම් කියන්නට බැරි වුනත් මගේ හැම යාලුවෙක්ගෙන්ම උදවු ලැබුනා. ඒ වගේම ඒ හැම කෙනෙක්ම කවමදාවත් නොදුටු මේ ෆේස්බුක් එකේම අය.
මගේ ඇල්බමය පිටුපසින් සිට මට මහත් සවියක් වුන සයිබර් අවකාශයේ මගේ ෆේස්බුක් මිතුරු කැළ අමතක කරන්න බෑ. ඔවුන් නොවන්නට හීන කුමාරී
හීනයක් පමණක්ම වන්නටත් තිබුනා.
උපදෙස් හෝ අදහස කාගෙන්ද?
අදහස මගේ. උපදෙස් හොය හොයා තනියමම ගිය ගමනක්.
ගායකයන් ගායිකාවන් කවුද?
චන්දන ලියනආරච්චි…විශාරද නලින කස්මිර….උදානි පබසරා…
තනු කාගේද?
වැඩිම තනු ප්‍රමාණයක් චාමර හපන්ගම මිතුරගෙ..ගීත 12 කටම. අනික් 1 ගීතයක් කපිල කුමාර අපරැක්කගෙ තව 1ක් ඉරේෂ් උදයංගගෙ…තව 1ක් ධනුක
අමල්ෂගෙ.
විශේෂ ස්තුතිය කාටද?
මගේ සියළුම යාලුවන්ට…විශේෂයෙන්ම ෆේස්බුක් එකේ….. සියළුම දෙනාට
ඔබ ෆේස්බුක් පිළිබඳව සිතන්නේ කුමක්ද?
මට නම් හොද තැනක්…අපි යහපත් අරමුණනි හොද විදිහට පාව්චි කලොත් හොදයි…ඕනිම දේක හොද නරක 2ක් තිනවනෙ..අපි යොදාගන්නා විදිහ අනුව තමයි….
ඔබ නියෝජනය කරන්නේ තරුණ පරපුර, මේ ගමනට අන්තර් ජාලයෙන් ඔබට ලැබුනු උදව්?
ඇත්තටම සයිබර් අවකාශය හින්දා තමා මම මේ තරම් දුරක් ආවෙ..එහෙම නොවුන නම් අද මම වගේ කෙනෙක් මෙතන නැහැ…
ඇල්බමයේ අරමුණ?
විදින්න දෙයක් දෙන්න ඕනි වුනා.
දැන් ඔබ නැවතත් විදෙස්ගතයි?
ඔව්.
ඔබ හිතනවාද ජනතාවට ඔබව මතකයේ රඳවා තබන්නට මෙම ඇල්බමය සමත් වෙයි කියලා?
මට ජනපි්‍රය චරිතයක් වෙන්නවත් මිනිස්සු මාව මතකයේ තියා ගන්නවත් නෙමෙයි ඕනි වුනේ…හැමදාම මම ලියන ඒවා ෆේස්බුක් එකෙන් කියවපු මගේ
යාලුවන්ට විදින්න දෙයක් දෙන්න ඕනි වුනා…ඒ දේ මම මෙයින් කලා.
පවුලේ විස්තර?
මගේ අම්මා..අක්කා සහ අයියා..
ඇල්බමය අළෙවි වන ස්ථාන?
තවම බෙදාහැරිමේ ආයතනයක් හොය හොයා යනවා..තාම හම්බවුනේ නැහැ..
අනාගත බලාපොරොත්තු?
විශේෂ දෙයක් නැහැ…රටට බරක් නැතුව ජිවත්වෙන්නයි අරමුණ…
