Avatar of iilanka

by

මරණයෙන් පසු නොබෙල් ත්‍යාගය

November 1, 2011 in Sinhalen

ඩයනමයිට් සොයාගත් නෝර්වේ ජාතික ඇල්ෆඩ් නොබෙල් සිය අන්තිම කැමති පතයේ සඳහන් කර තිබූ පරිදි ඔහුගේ  ධනයෙන් සෑම වසරකදීම නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබයි. සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දී මෙම ත්‍යාගය සඳහා සුදුස්සන් නම් කරන අතර නොවැම්බර් මාසයේදී ත්‍යාග පදානෝත්සවය පැවැත්වෙයි. මෙම උළෙල සෑම වසරකදීම නෝර්වේ හි ඔස්ලෝ නගරයේදී පවත්වනු ලබයි.

 

ජීව, රසායන, භෞතික විද්‍යා මෙන්ම මනෝ විද්‍යා, වෛද්‍ය විද්‍යා, සාහිත්‍යය සහ සාමය  වෙනුවෙන් මෙම ත්‍යාගය පිරිනමනු ලබයි. සෑම ත්‍යාග ලාභියෙකුටම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.45ක මුදලක් හිමිවෙයි. පුද්ගලයෙකුට සිය ජීවිතයේ ලැබිය හැකි උසස්ම ත්‍යාගය ලෙසද හැඳින්වෙයි.

 

2011 වසරේදී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය වෛද්‍යවරු තිදෙනෙකු අතර බෙදී ගොස් තිබුනි. කැනේඩියානු ජාතික රැල්ෆ් ස්ටීවන්, ඇමෙරිකානු ජාතික බෲස් බියු‍ට්ලර් සමඟින් මෙවර ත්‍යාගයට සුදුසුකම් ලැබූ අනෙක් වෛද්‍ය වරයා වන්නේ පංශ ජාතික ජූලස් හොෆ්මන් ය. මිනිස් සිරුර තුළ පිළිකා සෛල වර්ධනය වීම මැඩපැවැත්වීමට මිනිස් පතිශක්ති පද්ධතිය වර්ධනය කරවන එන්නතක් සොයාගැනීම මෙවර නොබෙල් ත්‍යාගය සඳහා ඔවුන් කළ සොයාගැනීමයි.

 

නමුත් මෙහි අවාසනාවන්තම සිදුවීමනම් ත්‍යාගය පිළිබඳව පකාශයට පත් කරන විට වෛද්‍ය රැල්ෆ් ස්ටීවන් සිය ජීවිතයෙන් සමුගෙන තිබීමය. අග්‍න්‍යාශයේ හටගත් පිළිකාවක් නිසා මියගිය මෙම වෛද්‍ය වරයා තමා විසින්ම සොයාගන්නා ලද පතිකාර කමයෙන් සිය මරණය වසර කිහිපයකින් පමාකරගැනීමට සමත්ව තිබින.
(එරංග හේමජිත්)

Comments are closed.