Avatar of iilanka

by

මහළු කවි සිත…

October 10, 2011 in Sinhala, Sinhala Poem

එකල…
සිතේ සිරවුන
දහස් සිතුවිලි
සර්බර් අවකාශයේ
බිත්ති මත ලියූ සැනෙකින්..
වැටුනි
ලයික් එක පිට
ඉනික්බිත්තෙන්
දිගට හරහට
කොමෙන්ට් වැටුනා
මතකද…
ගෑස් ටික ගිය
සෝඩ බෝතලයක
ඉරණම
අත්වෙලා ඇත
උඹහ‍ට මෙන්ම
උඹගේ කවියට…
ඒත්
තවමත් ඉඳහිට
වැටෙනවා දුටුවිට
ලයික් එක දෙක
කලාතුරකින්
ලියන කවියට…
දිලිසුනා
නෙතු නොව
නෙතග ගුලිවුන
කඳුළු මිණි කැට
සිහිවෙලා පෙරදින…
අකලට මහළු වුන
ෆේස්බුක් කවි සිත
අතරමං වෙලා අද
හතරමං හන්දියක…

Eranga Hemajith
http://about.me/erahemajith

Comments are closed.