හෙළදිව පාලනය දේවයන්ගෙන් භික්ෂූන්ට
November 9, 2011 in Ancient Sri Lanka, Sinhala, Sinhalen
සිව් හෙළයේ විසූ වඩාත්ම විනය ගරුක සහ මානසික වර්ධනයක් තිබූ පිරිස වූයේ දේවයන්ය. මහා සම්මතයෙන් පත් වූ මනු රජුගේ පටන් හෙළය පාලනය කරනු ලෑබූයේ මෙම දේව වංශිකයන් විසින්ය. රටට විවිධ සතුරු උවදුරු එල්ලවන බව දත් නිසාවෙන් ම සෑම අතින් ම සූදානම් සහ මනා හික්මීමක් ඇති රජෙකුගේ අවශ්‍යතාවය මුල් යුගයේ පටන්ම හෙළයන්ට දැනෙන්නට විය. එබැවින් ම මහමන්දාතු රජු දක්වා මහා සම්මතයෙන්, එනම් ජනතා කැමැත්තෙන් පත්කරගත් රජු වඩාත් බුද්ධිමත් සහ හික්මීමක් ඇත්තෙකු වීම අත්‍යාවශ්‍ය කාරනාවක් විය. බෘගු නම් වූ මහා සෘෂිවරයා විසින් නායකයන් පුහුණු කිරීමේ අධ්‍යාපන රටාවක් නිර්මාණය කරන්නේ හෙළයන්ගේ මෙම අවශ්‍යතාවය සපුරාලන්නටය. බෘගු සෘෂීන් අතින් සම්පාදිත මෙම අධ්‍යාපන රටාව තුළින් එමගින් උතුම් මිනිසෙකු බිහිකරලන්නට එදා හෙළයන් සමත් විය. එබැවින්ම දේව අධ්‍යාපනය නම් ලද මෙය හදාරන්නට සහ එමඟින් දේවයකු වන්නට එවකට හෙළදිව විසූ යක්, රකුස්, නාග ආදී ඕනෑම වංශයක අයෙකුට හැකිවිය. තුන් හෙළය සිව් හෙළය වූයේ මෙම උගත් වංශය දේව වංශය ලෙසින් සමාජගතවීමත් සමඟය. හෙළයන් බිහිකළ අධිරාජ්‍යය අසුර නම් විය.
දේව අධ්‍යාපනයේ පධාන කොටස් මෙසේය. යෝග, මන්තර, තන්ත්‍ර, වෙදකම, අහස් සතර, අවි නිපැයුම, යුද හරඹ, ධ්‍යාන භාවනා, ශාන්ති කර්ම සහ පූජා, දර්ශණය සහ මෝහන. මේ සියලු ශිල්ප ප්‍රගුණ කළ අයෙකු දේවයෙකු වීමට සුදුසුකම් ලබයි. ගිහි ජීවිතයක් ගෙවූ මෙම දේවයන්ට ඉහලින් සිටියේ වන වාසී දිවියක් ගෙවූ සෘෂී වරු පමණි. ඔවුහු දේවයන්ගේ ගුරුවරු වූහ. ලිවීම නොදියුණු වූ මෙම යුගයේ ශිල්ප උගන්වනු ලැබූයේ අන්තේවාසික කමයට හෙවත් ගුරුවරයා සමඟ එකට වැඩ කටයුතු කිරීමෙනි. එම පදේශයේ ජනතාව ඔවුන් නඩත්තු කළහ. පසුකළෙක ගාම වාසී පන්සල සහ පිරිවෙණ බිහිවන්නේද මෙපරිද්දෙනි. ගුරුවරයාගෙන් ඉවත් වූ පසු තමන්ටම මනස එකතැන් කර ලෝකය අවබෝධකරගත හැකි අය සෘෂී සහ මුනි තත්වයට පත්වූ අතර සෙස්සෝ පාලකයන් වූහ. දේව පාලකයන්ගේ විවිධ මට්ටම් විය.
1) ගපති හෙවත් කුඩා කණ්ඩායමක නායකයා
2) ගමණි හෙවත් ගම් නායකයා. මොහු යටතේ ගපති වරු කිහිප දෙනෙකු සිටිය හැක.
3) පරුමක හෙවත් පාදේශීය නායකයා. ගම් කිහිපයකට නායකයා මොහුය.
4) රජු යම් විශාල භූමියක පාලකයා විය.
5) මහ රජූ මුලු දිවයිනටම පාලකයා විය. ඔහු ද දේවයෙකු වූ නිසා සාමාන්‍ය ජනතාව දේවයක්‍න් වහන්ස යන නමින් ඔහු ඇමතූහ.
මෙරට අවසාන රජු දක්වාම රජු ඇමතීමට ජනතාව යොදාගත්තේ එදා දේව පාලන සමයේ යොදාගත් එම යෙදුමමය. දේව පාලනයේදී මෙන්ම පසුකළෙක සංඝ සමාජයේද පන්සලේ භික්ෂුවගේ සිට සංඝරාජ හෙවත් මහා නායක හිමි දක්වා විවිධ මට්ටම් ඇතිවී ඇත. දේවයන් තුළ වූ උත්තරීතරත්වය නිසාවෙන්ම අත්ලන්තිස් පුරවරය ලෙසින් ලංකාව විස්තර කරන ප්ලේටෝ විසින් පූජක පාලන කමයක් සහිත පරමාදර්ශී රාජ්‍යයක් ලෙස ලංකාද්වීපය හඳුන්වා දී ඇත. දේව අධ්‍යාපනය ලොව පුරා කොතෙක් දුරට විහිදී තිබුනේද යන්නට හොඳම සාධකයනම් 1998 වසරේ බැබිලෝනියාවෙන් හමුවූ මැටි පුවරු ලේඛණ වල ගුවනින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බව සඳහන්ව තිබීමය.
දේව පාලනය තුළ දඩුවම් කිරීමක් නොවීය. හරි වැරැද්ද පහදා දී පුද්ගලයා වැරැද්දෙන් මුදවාගැනීම එහිදී සිදුවිය. නැවත නැවතත් එම වැරැද්දම සිදුවේනම් පුද්ගලයා සමාජයෙන් නෙරපනු ලැබීය. දේවයන් වූ කුවේර රජු කෛලාශයට පිටමන් කිරීම, වීරවන කුමරු පාතාල රාජ්‍යයට පිටමන් කිරීම සහ සීගිරියේ සිවරජු ඉන්දුවටද පිටමන් කරනු ලැබූයේ දේවයන්ව සිටියදී දැන දැනම වැරදි කිරීම නිසාය. යුද්ධය මෙකල ඉතා දරුණු තත්වයේ පැවතින. ගුවන් යානා, ලේසර් අවි, ආදියද මෙහිදී භාවිතා වී ඇත. ආචාර්ය සූරිය ගුණසේකරයන්ගේ ලංකා ඉතිහාසයේ හෙළ යුගය නම් කෘතියේ හෙළ ගුවන්යානා පරිච්ඡේදයේ මේ පිළිබඳ කදිම පැහැදිලි කිරීමක් දැකිය හැකිය. දේව වංශයේ අවසන් නායකයා ලෙසින් සඳහන් වන්නේ පරුමක සුමන හෙවත් සමන් දේව රාජයාය. ඔහු සතු වූ ගුවන් යානය පැදවූ මාතලේ දේවයා බෞද්ධ සාහිත්‍යයේ මාතලී දිව්‍ය රාජයා ලෙස හැඳින්වේ. ඔහුගේ ගුවන් යානය බිතාන්‍යයන් ලක්දිව පාලනය කළ යුගයේ පවා බලන්ගොඩ බොල්තුඹේ දේවාලයේ අඳුරු කුටියක තිබූ බව ගම්වැසියෝ පවසති.
මතු සම්බන්ධයි.
—
එරංග හේමජිත්.
ආචාර්ය සූරිය ගුණසේකරයන්ගේ ලංකා ඉතිහාසයේ හෙළ යුගය කෘතිය ඇසුරෙන්.
