Avatar of iilanka

by

Leo Burnett Sri Lanka Wins the 1st Ever Spikes in Sri Lanka

October 17, 2011 in Sinhala, Sinhalen, Sri Lanka

ආසියාවේ දැවැන්තම වෙළඳ දැන්වීම් තරාඟාවලිය වන Spikes Asia තරඟාවලිය පසුගිය සැප්තැම්බර් මස සිංගප්පූරුවේදී පැවැත්වින.
3647ක්වූ තරඟකාරී දැන්වීම් අතුරින් 271ක් මෙම උළෙලේදී  ජයග්‍රාහී දැන්වීම් ලෙස නම්කරන ලද වග 2011 සැප්තැම්බර මස
21වන දින ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා නිවේදනයන් නිකුත්කරමින් ඔවුන් දන්වා සිටියහ. ඒ අනුව ජයග්‍රාහකයන් 12 දෙනෙකු Direct කාණ්ඩය
යටතේද, 25 දෙනෙකු Promo & Activation කාණ්ඩය යටතේද, 43 දෙනෙකු Media කාණ්ඩය යටතේද 31 දෙනෙකු Digital කාණ්ඩය යටතේද
ජයග්‍රාහකයන් වශයෙන් නම්කරනු ලැබීය. Design කාණ්ඩය යටතේ කුසලාන 25ක්ද, Outdoor කාණ්ඩය යටතේ කුසලාන 17ක්ද, Film කාණ්ඩය
යටතේ කුසලාන 25ක්ද, Film Craft යටතේ කුසලාන 23ක්ද Print Craft යටතේ කුසලාන 16ක්ද, Print කාණ්ඩය යටතේ 17ක්ද, Intergrated යටතේ 7ක්ද
Radio යටතේ 12ක්ද PR වෙනුවෙන් කුසලාන 8ක් සහ Mobile කාණ්ඩය වෙනුවෙන් 10 ලෙස කුසලාන බෙදීයන ලදී.

වසරේ වෙළඳ දැන්වීම් ආයතන ජාලය ලෙස ජයග්‍රහනය DDB වෙත හිමිවූ අතර පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන BBDO සහ JWT ආයතව විසින්
හිමිකරගන්නා ලදී. වසරේ වෙළඳ දැන්වීම් ආයතනය ලෙස ක්වාලාලම්පූර් හි Ogilvy & Mather Malayasiya ආයතනය නම්කෙරෙද්දී සිංගප්පූරු DDB ආයතනය
දෙවන තැනටත් මුම්බායි හි Mudra Communications ආයතනය තෙවන තැනටත් නම් කෙරින.වසරේ ස්වාධීන වෙළඳ දැන්වීම් ආයතනය වූයේ මුම්බායි හි Creative Land Asia
ආයතනයයි. මෙහි සියළු ජයග්‍රාහකයන්ගේ විස්තර ලබාගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.

http://www.spikes.asia/winners/2011/

මෙම උළෙල ලාංකික අපට වැදගත් වන්නේ මෙවර ඉදිරිපත්වූ තරඟකාරී දැන්වීම් අතුරෙන් ලාංකික වෙළඳ දැන්වීමකටද සම්මානයක් හිමිවී තිබීමයි.
ශ්‍රී ලංකා අක්ශිදාන සංගමය වෙනුවෙන් ලියෝ බර්නෙට් ආයතනය නිර්මාණය කරන ලද මෙම රූපවාහිනී වෙළඳ දැන්වීම, සම්මානනීය අධ්‍යක්ෂක වරයකු
වන සුභාෂ් පින්නපොලගේ නිර්මාණයකි. Film කාණ්ඩය යටතේ හිමිවූ මෙම ලොකඩ පදක්කම මෙරටට හිමිවූ ප්‍රතම Spikes Asia සම්මානය ද වේ.

Comments are closed.