-
iilanka wrote a new blog post: ජාතික නාමල් උයන 6 days, 22 hours ago · View
දේවානම්පියතිස්ස රජ යුගය දක්වා අතීතයට දිව යන ඉතිහාසයකට හිමිකම් කියන ඓතිහාසික පින් බිමක් උතුරු මැද පලාතේ දඹුල්ලට ආසන්නයේ පිහිටා ඇත. අදින් වසර පහළොවකට පමණ පෙර වන වාසී රාහුල හිමියන් අතින් ලෝක අවධානයට යළිත් වරක් විවර වුන මේ සොබා සිරියෙන් අනූන වන පියස ආසියාවේ පිහිටි විශාලතම නා වනය ලෙසද වරෙක හඳුනාගෙන ඇත. නමුත් මෙය වඩාත් වැදගත් වන්නේ [...] -
iilanka wrote a new blog post: අනුරපුරයේ අටමස්ථාන 3 weeks, 2 days ago · View
වැඩිම කාලයක් මෙරට අගනුවර ලෙස යොදාගත් නගරය වන්නේ ඓතිහාසික අනුරාධපුරවරයයි.ඒ හේතුව නිසාවෙන්ම ඉතිහාසය, පුරා විද්‍යාව මෙන්ම බෞද්ධාගමික සාධක සහ නටඹුන් අතින්ද අනුරාධපුරය සෙසු රාජධානි පැවතුනු නගර වලට වඩා පොහොසත්ය. දෙවන පෑ තිස් රජ දවස භාරත දේශයේ සිට මිහිඳු මා හිමි මෙරටට බෞද්ධ ධර්මය ගෙන ආ දින පටන් මෙරට පාලකයෝ ස්වකීය ජනතාවට වන්දනාමාන කිරීමටත් තමන්ගේ පින් වැඩිකරගැනීමත් අරමුණු [...] -
iilanka wrote a new blog post: අතුල ජයසිංහ 3 weeks, 5 days ago · View
වැව්බැඳි රජරට පුරවරයෙන් බිහිවූ මෙරට සිටින තවත් එක් විශිෂ්ඨ කලා කරුවෙක් පිළිබඳව මෙවර අපි කතා කරන්නෙමු. නම කියන්නට මත්තෙන් ඇයිද විමසා බලමු අප මොහු විශිෂ්ඨයෙකු ලෙස හඳුන්වන්නේ. විටෙක මොහු නළුවෙක්, තවත් විටෙක නට්‍ය අධ්‍යක්ෂක වරයෙක්. කෙටි චිතපට අධ්‍යක්ෂණය හරහා සිනමාව ද අත්හදාබලන මොහු තවත් විටෙක හඩකැවීම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. කලාවේ විවිධ මංපෙත් සිය ගමන් මඟ [...] -
iilanka wrote a new blog post: Sri Lankan Calendar 2012 (With Poya Holidays) 1 month ago · View
I think it is not too late to wish you a Happy New Year 2012. If you haven’t downloaded the Sri Lankan Calendar for year 2012 with public, bank, mercantile and full moon poya holidays here is the link to get the PDF . If you are not happy with the PDF you can purchase a printed version from The [...] -
iilanka wrote a new blog post: අගනුවර අසිරිමත් රඟහල 1 month ago · View
ලාංකේය කලා කරුවන්ගේ නිර්මාණ එළිදක්වනු වස් මෑත යුගයේ ඉදිකෙරුණු අසිරිමත් කලාගාරය පිළිබඳව කෙටි හඳුන්වාදීමක් කිරීම මෙම ලිපියේ මූලික අරමුණ බව ඇරඹුමේදීම සඳහන් කරනු කැමැත්තෙමි. පසුගිය දිනවල පුවත් මැවූ මෙම කලාගාරය කොළඹ විහාරමහාදේවී උද්‍යානයට පසෙකින් පිහිටා ඇති නෙළුම් පොකුණ රඟහලයි. චීන රජයේ මූලිකත්වයෙන් මෙරට මහාචාර්ය වරවකුගේ සැලසුමකට අනුව පොළොන්නරු යුගයේ අසමසම නිර්මාණයක් වූ ඓතිහාසික නෙළුම් පොකුණේ [...]
-
iilanka wrote a new blog post: Ray J’s – RE ENTRY 1 month, 1 week ago · View
ලාංකික සිනමාවේ නව මංපෙත් විවර කරමින් අළුත් තේමාවන් යටතේ නව තාක්ෂණය හා මුහු වෙමින් විටෙක පර්යේෂණාත්මක නිර්මාණද තවත් විටෙක කලාරසයෙන් අනූන නිර්මාණද ආදී වශයෙන් සිනමාරසිකයන් අතරට පත්වන නව පරපුරේ සිනමා නිර්මාණ අතර තවත් එක් අමුතු ආරක සිනමා කෘතියක් සහ එහිනිර්මාණකරුවා ගැන අද අප ඔබට හෙළි කරමු. රේ පේ. නම ඇසූ පමණින් යම්කිසි නුහුරු ගතියක් ඔබට දැනුනාට කිසිදු සැකයක් නැහැ. නමුත් රෙහාන් ජෛනුලහබ්දීන් යනු ඔහුගේ සබැ නමයි. Ray J සිනමාකරණයට පිවිසෙන්නේ 2004 දී පමණ කෙරුණු කෙටි චිත්‍රපටයක් සමග. ඉන් අනතුරුව ඔහු 2005 දී නවසීලන්තය බලා පිටත්ව යන්නේ සිනමාව පිලිබඳවැඩිදුර හැදෑරීමක් කෙරීම සඳහා. Auckland සරසවිය සහ South East Film & Television School උසස් අධ්‍යාපන ආයතනයේදී ඔහුගේ සිනමා සිහිනය සැබෑ කරගත් පසු,වසර 5 කට පසු නැවත ලංකාවට එන්නේ ඔහු උගත් සිනමා මාධ්‍යය භාවිතා කරල වැඩි පිරිසකට දැනෙන නිර්මාණ බිහි කිරීමේ අපේක්ෂාවෙන්. 2010 දී ඔහු නිර්මාණය කළ ”ට්‍රේන් ටු කැන්ඩි” තමයි මෙරටට පැමිණ මුලින්ම කළ නිර්මාණය. එය මෙම ජනවාරි මාසයේ බොහෝ දුරට මෙරට රසිකයන්ට දැකබලාගන්නට හැකිවේවි. ළමා ගණිකා වෘත්තිය හා එහි නියැළී පසුව එහි වරද අවබෝධ කරගන්නා කාන්තාවක් සම්බන්ධ සමාජ ගැටළුවක් පිළිබඳවයි එහිදී සිනමා නිර්මාණයදිගහැරෙන්නේ. මෙරට ජනපිය නළු නිළි යුවලක් වන නදීශා හේමමාලී සහ මේනක රාජපක්ෂත් හඳුන්වා දෙන ළමා නිළි දේශානී පතිරනත්ඇතුළු පිරිසක් මෙහිරංගනයෙන් දායක වනවා. ඔහුගේ දෙවැනි නිර්මාණය වන්නේ Re – Entry නම් වූ විද්‍යා ප්‍රබන්ධයයි. ලංකාවේ සිනමාවට තරමක් නැවුම් වූ මෙම නිර්මාණය පිලිබඳ ඔහු කියන්නේ මෙසේයි. “Train to Kandy” seven minute promo – Feature film from Ray Jay on Vimeo. “මේ තේමාව යටතේ ලෝකයේ බොහෝ සිනමා නිර්මාණ බිහිවී තිබෙනවා. නමුත් මෙහි යම් යම් සුවිශේෂීතාවන් මා දකිනවා. මුලින්ම කියන්න අවශ්‍යයයි මෙහි වියදම්පාර්ශවය. ඉතාමත් අඩු සම්පත් පමාණයක් සහ අඩු පිරිවැයක් වැය කරමින් ගරිල්ලා මට්ටමේ සිනමා නිර්මාණයක් කරන්නට මමත් මගේ කණ්ඩායමත් සමත් වුනා.තවමත් මෙහි රූගත කිරීම් සිද්ධ වෙනවා. මෙහි තිර පිටපතේ සිට සංස්කරණය දක්වා බොහෝ කටයුතු මම විසින්මයි සිදුකළේ. දෙවැනි කාරණය මෙහි නිර්මාණ කටයුතුසඳහා අන්තර්ජාලය ඔස්සේ දැන හඳුනාගත් සහ කිසි දිනෙක මුහුණට මුහුණ හමු නොවූ පිරිසක් මා සමඟ කටයුතුකරනවා. තුන්වැනි කාරණය තමයි මෙය අනාගතයපිළිබඳ දැක්මක් රසිකයා වෙත ලබා දෙනවා. මෙහි රූගත කිරීම් ලංකාවේ විවිධ පදේශවල සිදුකරනවා. නිර්මාණයේසඳහන් පරිදි ව්‍යසනයක් මෙරටට අනාගතයේ ඒකියන වකවානුවකදී ඇති වුවහොත් එම ස්ථාන කෙසේ දිස්වෙයිද යන ආශ්වාදනීය හැඟීම ලබන්නට මෙහි රසිකයාට නිතැතින්ම හැකිවෙනවා. ඒ වගේම තවත් වැදගත්මකරුණක් වන්නේ මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන ත්‍රිමාණ තිරගත කිරීමේ හැකියාව සහිත, එනම් ත්‍රිමාණ අත්දැකීමක් සිය රසිකයාට ලබාදිය හැකි මුල්ම දේශීයසිනමා නිර්මාණයද මෙය වීමයි.” මහනුවර ඉපිද Kandy Grammer School වෙතින් මූලික අධ්‍යපනය ලබා උසස්පෙළ සඳහා මම කොළඹට ආ ඔහු ඒ අවධියේ Arena Multimedia Acedemy ආයතනය හාසම්බන්ධ වී බහු මාධ්‍යය සහ ත්‍රිමාණ සජීවීකරණය හදාරනවා. ඉන් පසු තමයි ඔහු වැඩිදුර සිනමාව හදාරන්නට විදෙස්ගත වන්නේ. Ray සිනමාවට යොමු වූ ආකාරය ගැන අපට මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම ලෝකප්‍රකට ස්ටාවෝස් චිත්‍රපට මාලාව මාව සිනමාවට යොමුකළා. එහෙත් පසුකාලීනව මට ඇතිවූ මුලිකම ගැටළුව වූයේ එවැනි දැවැන්ත සිනමානිර්මාණ සිදුකිරීමට අපට ඇති ආර්ථික හැකියාව පමාණවත්ද යන්නයි. ඒ නිසාම සිනමාව යළිත් වතාවක් සිහිනයක්ම පමණක් වෙමින් තිබූ යුගයක Robert Rodrego නම් සිනමා අධ්‍යක්ෂක වරයා පිළිබඳව මට දැනගන්නට ලැබෙනවා. තමන් සතු එකම එක කැමරාවකින් තමන්ගේම නෑදෑයන් පිරිසක් නළු නිළියන් ලෙසින් ගෙන ඔහුවිසින් සිදුකරන ලද ElMariatsi සිනමා නිර්මාණය පසු කලෙක ලෝකප්‍රකට කොළොම්බියා සිනමා සමාගමේ වාර්තා තැබූ සිනමා කෘතියන් වීම මාව නැවතපණගැන්වූවා.” ජෝර්ජ් ලුකස් ගේ Star Wars චිත්‍රපට මාලාව තුලින් පිබිදෙන මොහු පසු කලෙක හැබැවටම Lucasfilm Animation Singapore හි දී Star Wars: The [...]
-
දකුණු ආසියානු රටක් වශයෙන් අප සාර්ක් සංවිධානයේ සාමාජිකත්වය දරන්නෙමු. කුමක්ද මේ සාර්ක් සංවිධානය. දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය එසේත් නැතිනම් South Asia Association for Regional Corperation යනු 1947 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මුල්වරට සංකල්පයක් වශයෙන් බිහිවූ සංවිධානයකි. නමුත් බොහෝ කලක් යනතුරු මෙය යථාර්ථයක් බවට පත්වූයේ නැත. මුල් වරට බංගලාදේශයේ හිටපු ජනාධීපති වරයෙකු වූ ශියා- උර්රහමාන් [...]
-
iilanka wrote a new blog post: දිනිතිගෙන් හීන කුමාරියක්………………… 1 month, 3 weeks ago · View
මෑත යුගයේ සයිබර් අවකාශයේ බිහිවූ සිංහල ලේඛකයින් අතුරෙන් මුලින්ම සිය නිර්මාණ ඇතුලත් කර ගීත ඇල්බමයක් නිර්මාණය කළ එක් සුවිශේෂී කිවිඳියක් අද අපගේ කතාබහට එක්වනවා. ඇය නමින් දිනිති දීපිකා. දිනිති, ඔබ ලේඛිකාවක් ලෙසින් හඳුන්වා දුන්නොත්? මම නිවැරදිද? ලේඛිකාවක්ම වෙලා නැහැ ..ඒත් ලියනවා…මාත් හිතනවා. ඔබ වෘතියෙන්? හෙදියක්, පුද්ගලික අංශයෙ ඔබ වෘත්තියට පිවිසෙන්නටත් ලෙර සිටම ලියනවාද? ඔව්… දන්න [...]
-
iilanka wrote a new blog post: රෝහලක් වෙළද සංකීරණයක් වූ වගයි! 1 month, 3 weeks ago · View
මෙරට යටත්කරගෙන සිටි බටහිර ජාතීනතුරෙන් මුලින්ම මෙරටට පැමිණියෝ පෘතුගීසී ජාතිකයෝය. තමන් යටත් කරගත් රටේ තමන්ගේ ආරක්ෂාව පිණිස ඔවුන් විසින් ඉදිකරන ලද බලකොටුව පසුකලෙක කොළඹ කොටුව නම් විය. එදා මෙදාතුර ිමරට සිටියවුන් සහ විදේශීයන් විසින් අපේ අගනගරය වූ කොළඹ තුළ සිදුකර ඇති ඉදිකිරීම් ගනන නොගැනිය හැකි තරම්ය. විවිධ අරමුණු උදෙසා ඒ ඒ යුගවල ඉදිකෙරුණු මෙම ගොඩනැගිලි [...]
-
iilanka wrote a new blog post: දී කිරි පොල් 1 month, 3 weeks ago · View
දී කිරි කියූ සැනින් අපගේ සිහියට නැඟෙන්නේ මුදවාගත් ගව කිරි පිළිබඳවය. නමුත් ගවයාගෙන් ලබා ගන්නා කිරි වලින් තනන දී කිරි හැර වෙනත් දී කිරි විශේෂයක් පිළිබඳව ඔබ කවදා හෝ අසා ඇත්ද? දක්ෂිණ ලංකාවේ දෙණිපිටිය කියු සැණින් ඔබ අපගේ මතකයට නැඟෙන්නේ සුපතල කිවිඳියන වන දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනාය. නමුත් මෙම පුවතින් පසු දෙණිපිටිය තවත් එක් [...]
-
iilanka wrote a new blog post: වර්ෂ එක්දහස් අටසිය ගනන්වල මහනුවර පරිපාලනය 3 months ago · View
එදා මහනුවර කේන්දීයව සිදුකෙරුණු පාලනයේ රජුට සහය දැක්වීම පිණිස රජු විසින් පත්කර සිටි රදළ පධානීන් මෙසේය. පළමු අදිකාරම සහ දෙවැනි අදිකාරම රජුට සමීපයෙන්ම සිටි රජුට වඩාත්ම පක්ෂපාතී නායකයන් දෙපළ වූහ. මෙම අදිකාරම් දෙපල යටතේ හතර කෝරළේ ,හත් කෝරළේ ,මාතලේ ,තුන් කෝරළේ , සබරගමුව ආදී ලෙස දිසා 12 භාර දිසාවේ වරු වූහ. රාජසිංහ රජු සමයේ ඌව [...]
-
iilanka wrote a new blog post: හෙළදිව පාලනය දේවයන්ගෙන් භික්ෂූන්ට ( දෙවන කොටස) 3 months, 1 week ago · View
සිතුල් පව්වේ කොරවක් ගල ඇති අංක IC 621 දරණ සෙල් ලිපියේ බුදු රජානන් වහන්සේට තිස්ස රජු සහ බිසව විසින් පූජා කළ ලෙනක් ඇත. මෙරටදී හමුවන,සෙල්ලිපි වලින් බුදුන් වහන්සේට සිදුකළ පූජාවක් ගැන දැක්වෙන එකම සෙලි ලිපිය මෙයයි. මෙම තිස්ස රජු කැළණි තිස්ස හෝ කාවන් තිස්ස විය හැකිය. මෙය මාගමට අයිති බැවින් බොහෝ විට මේ කාවන් තිස්ස [...]
-
iilanka wrote a new blog post: අස්වැන්න නෙළා අවසානයේ පවත්වන මුට්ටි මංගල්‍යය 3 months, 1 week ago · View
අප රටේ බොහෝ දෙනා දන්නා පරිදි පිටිසර බද පළාත් හි පාලනය, භාරකාරත්වය දරන්නා වූ දෙවි කෙනෙකි අයියනායක දෙවියන්. ගැමියන්ගේ දුකේදීත් සැපේදීත් ඔවුන්ට යමක් කීමට ඇත්නම් එය අයියනායක දෙවියන්ට පැවසීම එදා අතීතයේ පටන්ම පැවත එන සිංහල සිරිතකි. ගැමියන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැනයි. ගොවිතැන කරනු රිසින් එදා හෙළ රජ දරුවන් අතින් ගොඩනැංවුන වාරි ව්‍යාපෘති ගොවිතැනේ අත්‍යාවශ්‍ය අංගයක් වූ [...]
-
iilanka wrote a new blog post: හෙළදිව පාලනය දේවයන්ගෙන් භික්ෂූන්ට 3 months, 2 weeks ago · View
සිව් හෙළයේ විසූ වඩාත්ම විනය ගරුක සහ මානසික වර්ධනයක් තිබූ පිරිස වූයේ දේවයන්ය. මහා සම්මතයෙන් පත් වූ මනු රජුගේ පටන් හෙළය පාලනය කරනු ලෑබූයේ මෙම දේව වංශිකයන් විසින්ය. රටට විවිධ සතුරු උවදුරු එල්ලවන බව දත් නිසාවෙන් ම සෑම අතින් ම සූදානම් සහ මනා හික්මීමක් ඇති රජෙකුගේ අවශ්‍යතාවය මුල් යුගයේ පටන්ම හෙළයන්ට දැනෙන්නට විය. එබැවින් ම [...]
-
iilanka wrote a new blog post: මරණයෙන් පසු නොබෙල් ත්‍යාගය 3 months, 3 weeks ago · View
ඩයනමයිට් සොයාගත් නෝර්වේ ජාතික ඇල්ෆඩ් නොබෙල් සිය අන්තිම කැමති පතයේ සඳහන් කර තිබූ පරිදි ඔහුගේ ධනයෙන් සෑම වසරකදීම නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබයි. සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දී මෙම ත්‍යාගය සඳහා සුදුස්සන් නම් කරන අතර නොවැම්බර් මාසයේදී ත්‍යාග පදානෝත්සවය පැවැත්වෙයි. මෙම උළෙල සෑම වසරකදීම නෝර්වේ හි ඔස්ලෝ නගරයේදී පවත්වනු ලබයි. ජීව, රසායන, භෞතික විද්‍යා මෙන්ම මනෝ [...]
-
iilanka wrote a new blog post: කට ඇති පුතාලා ද ? කට ඇති දුවාලා ද?
හා..හා… කට කට!!!! 3 months, 4 weeks ago · Viewමේ කතාන්දරේ ලියන්න ඕන කියලා හිතුනේ දුකා අයියගේ මේන්න මේ කතාව හින්දා .මම දුකා අයියගේ බස් රේඩියෝ කතාවට සුබ පතන ගමන්ම මේ කතාවට එන්නම්කෝ.ආ…කකා කියවන අය දන්නවනේ “නේම් ඩ්‍රොපින්” කතාන්දර ගැන.පටන් ගන්න කලින් කියන්නේ මේකත් ටික වෙන්න ඒ වර්ගේ එකක්.පස්සෙ චරු චුරු බැහැ හරිය?…:) කලිනුත් මහගෙදර විත්ති වල කියලා තියෙන හැටියට පවුලට එකතු වෙච්ච බාලයෝ දෙන්නට පින් [...]
-
iilanka wrote a new blog post: Interview With Isuru Weerasinghe 4 months ago · View
පසුගිය දිනෙක එක්තරා සිනමා කෘතියක මාධ්‍ය දර්ශණය පැවැත්වූවා. එයට සහභාගී වූ විවිධ මට්ටමේ අය කාගේත් පැසසුමට ලක්වූ මෙම සිනමා සිත්තම තරුණ සිනමා අධ්‍යක්ෂක වරයෙකු වන ඉසුරු වීරසිංහ අතින් නිමැවෙන Colour චිතපටයයි. පවතින කාර්යබහුල තත්වය තුළදී වුවත් සිය වටිනා කාලයෙන් මොහොතක් අපගේ රසික රසිකාවියන් වෙනුවෙන් කැපකරන්නට ඉසුරු තුල තිබූ නිහතමානීත්වයට අපි අපේ රසික රසිකාවියන් වෙනුවෙන් අගය [...]
-
iilanka wrote a new blog post: Leo Burnett Sri Lanka Wins the 1st Ever Spikes in Sri Lanka 4 months, 1 week ago · View
ආසියාවේ දැවැන්තම වෙළඳ දැන්වීම් තරාඟාවලිය වන Spikes Asia තරඟාවලිය පසුගිය සැප්තැම්බර් මස සිංගප්පූරුවේදී පැවැත්වින. 3647ක්වූ තරඟකාරී දැන්වීම් අතුරින් 271ක් මෙම උළෙලේදී ජයග්‍රාහී දැන්වීම් ලෙස නම්කරන ලද වග 2011 සැප්තැම්බර මස 21වන දින ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා නිවේදනයන් නිකුත්කරමින් ඔවුන් දන්වා සිටියහ. ඒ අනුව ජයග්‍රාහකයන් 12 දෙනෙකු Direct කාණ්ඩය යටතේද, 25 දෙනෙකු Promo & Activation කාණ්ඩය [...] -
iilanka wrote a new blog post: මහළු කවි සිත… 4 months, 2 weeks ago · View
එකල… සිතේ සිරවුන දහස් සිතුවිලි සර්බර් අවකාශයේ බිත්ති මත ලියූ සැනෙකින්.. වැටුනි ලයික් එක පිට ඉනික්බිත්තෙන් දිගට හරහට කොමෙන්ට් වැටුනා මතකද… ගෑස් ටික ගිය සෝඩ බෝතලයක ඉරණම අත්වෙලා ඇත උඹහට මෙන්ම උඹගේ කවියට… ඒත් තවමත් ඉඳහිට වැටෙනවා දුටුවිට ලයික් එක දෙක කලාතුරකින් ලියන කවියට… දිලිසුනා නෙතු නොව නෙතග ගුලිවුන කඳුළු මිණි කැට සිහිවෙලා පෙරදින… අකලට [...]
-
iilanka wrote a new blog post: දෙතිස් වධ… 4 months, 2 weeks ago · View
අතීතයේ ලංකාවේ රාජ්‍ය පාලනය ගෙනගිය රජවරුන්, සිය පුරවැසියන් වඩාත් නීතිගරුක සහ විනය ගරුක පිරිසක් කිරීමේ අරමුණු ඇතිව, වරද කරුවන් වෙත පහත දෙතිස්වධ පමුණුවා ඇත. මෙවැනි වධයන්ට ලක් කරනු ලබනවුන් සියළුදෙනාටම පෙනෙන අයුරින් ඒ වධබන්ධනයන්ට ලක් කර ඇත. එය දකින සාමාන්‍යර පුරවැසියන් වරදක් සිදුකිරීමෙන් තමාටද මෙවැනි වධයක් අත්වේය යන බිය නිසාම වැරදි කිරීමෙන් බොහෝදුරට වැලකී ඇත. [...]
- Load More



